ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමින් අතර යුධ ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෙබනනයට හදිසි වෛද්‍ය ආධාර ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා.

එරට නිල විදේශ ආධාර ඒජන්සිය වන චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ලෙබනනයේ බොහෝ ස්ථානවල සිදුවූ පිපිරීම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

මේ අනුව ලෙබනන රජයේ ඉල්ලීම මත වෛද්‍ය ආධාර ලබා දීම සඳහා චීන රජය තීරණය කර ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/j47nr2rs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here