ඉදිරි පැය 24 තුළදි දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

source :- https://shorturl.at/aPr9u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here