ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ වැසියන්ට ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එම ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම හේතුවෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ ඊශ්‍රායලය විසින් මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරත් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 12 දෙනෙකු මියගොස් තිබුණා.

එමෙන්ම ගාසා තීරයේ පිහිටි දේවාස්ථානයකට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබුණා.

source :- https://t.ly/DtGR4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here