පොරොවකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.

එකම පවුලේ සහෝදරයින් දෙපළක් අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව වූ පහරදීමක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙනවා.

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට බාල සහෝදරයා විසින් පොරෝවකින් පහරදී අද (06) මෙම ඝාතනය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ කුච්චවේලි , නාවච්චෝලේ, කුඹුරුපිටිය පදිංචි ගුණශීලන් සෙන්දුරන් (29) නැමති අයෙක්.

බීමතින් නිවසට පැමිණි බාල සහෝදරයා සමග ඝාතනය වූ වැඩිමහල් සහෝදරයා බහින් බස්වීමක් සිදු වී තිබෙනවා.

එය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිමහල් සහෝදරයාට පොරවකින් පහර දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

source :- https://shorturl.at/8fH4p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here