ඊශ්‍රායලය විසින් ඉරානයේ ජාතික වත්කම්වලට සහ කලාපයේ මරමස්ථානවලට පහර දීමෙන් වැළකී නොසිටින්නේ නම් තම රට ඊශ්‍රායලයට යළිත් පහර දීමට කටයුතු කරන බව ඉන්දියාවේ ඉරාන තානාපති ඉරාජ් එලාහි පවසනවා.

ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල ප්‍රහාරය “පළිගැනීමේ මෙහෙයුමක්” ලෙස හැඳින්වූ තානාපතිවරයා “ඉරානය තම ජාත්‍යන්තර අවශ්‍යතා සහ ජාතික ආරක්‍ෂාව ගැන විහිළු නොකරන” බව ද පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ ඉරාන තානාපතිවරයාගේ ප්‍රකාශය පැමිණෙන්නේ බටහිර ආසියාවේ ගැටුමේ තියුණු උත්සන්න වීමෙන් පසුව ටෙහෙරානය ඊයේ (01) ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් එල්ල කිරිමෙන් අනතුරුවයි.

එමෙන් ම ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා පවසන්නේ, ඉන්දියාව සිය වැදගත් සාමාජිකයෙක් බවත්, ඉන්දියාව ඊශ්‍රායලය සමඟ හොඳ සබඳතාවක් ඇති බවත්, අගමැති මෝදි සඳහන් කර ඇති පරිදි මෙය යුද්ධය සඳහා යුගයක් නොවන බවත්, ඉරාන විශ්වාස කරන බවත්, නමුත් රටක් වෙනත් රටක ස්වෛරීභාවය උල්ලංඝනය කරනවා නම්, ඊට කුමක් කරන්නද?” යනුවෙන් බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, දෙපාර්ශ්වය (ඉරානය සහ ඊශ්‍රායලය) සමඟ සමීප සබඳතා ඇති ඉන්දියාව, කලාපය තුළ සිය ම්ලේච්ඡත්වය නැවැත්වීමට ඊශ්‍රායලයට ඒත්තු ගැන්වීමට උපකාර කළ හැකි බවයි ඔහු බලාපොරොත්තු පළ කළේ.

source :- https://tinyurl.com/4dz26kfe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here