තමන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ, ආත්මාරක්ෂාවට සදහා බව ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අරග් චී පවසනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයේ සියලු ප්‍රහාර මේ වන විට අවසන් බවයි.

තම රට මෙලෙස ප්‍රහාර එල්ල කළේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය අනුව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රතිපහාර එල්ල කළහොත් ඉරානයේ ප්‍රතිචාර මීට වඩා දරුණු විය හැකි බවද ඔහු කියා සිටියා.

ඉරානය ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර 200ක් පමණ ඊයේ එල්ල කර තිබුණා.

source :- https://tinyurl.com/mt98d3se

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here