
ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන දීමනා සහ වරප්‍රසාද ලබා දීම සඳහා මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන බැවින් වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීම පිණිස, යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක්, මාස දෙකක් තුළ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්රසිරි, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩී. දිසානායක, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජයන්තා සී.ටී. බුළුමුල්ල එකී කමිටුවට ඇතුළත්.

source :- https://tinyurl.com/4zza6vt8








