චීනයේ ෂැන්හයි නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් තවත් 15 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (30) රාත්‍රී වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි ලින් නම් සැකකරු ව අත්අඩංගුවට ගත් බව චීන පොලීසිය පැවසීය.

දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටි එම පුද්ගලයා සිය ක්‍රෝධය පිට කිරීම සඳහා මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පවසා තිබේ.

එම කලාපයේ විශ්ව විද්‍යාල රැසක් පිහිටා තිබේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් තිදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

source :- https://tinyurl.com/hxfbu4x5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here