නේපාලයේ අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් 69 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මින් වැඩිම බලපෑමක් කත්මන්ඩු නුවරට සිදුව ඇති අතර, එහි මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිට නිවාස ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, බොහෝ අධිවේගී මාර්ගද අවහිර වී ඇති බව සඳහන්.

මේ වනවිට කත්මණ්ඩු අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ක වර්ෂාවක් ඇද හැලෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

source :- https://tinyurl.com/26urtyy2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here