වළයාකාර සූර්යග්‍රහණයක් ලබන මස 2 බදාදා සිදුවීමට නියමිතයි.

මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය අතරතුර, චන්ද්‍රයා සූර්යයාට වඩා කුඩා ලෙස දිස්වනු ඇති අතර, අඳුරු වූ කේන්ද්‍රය වටා දීප්තිමත් හිරු එළියක් දිස්වනු ඇති.

සූර්යග්‍රහණයක් සිදු වන්නේ චන්ද්‍රයා සූර්යයා සහ පෘථිවිය අතර ගමන් කරන විටයි.

නමුත් මෙවර සිදුවන්නේ වළයාකාර සූර්යග්‍රහණයක් බැවින් සූර්යයාගේ මතුපිට සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකිවනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අහසේ ගිනි වළල්ලක් ලෙස දිස්වන බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

එය මෙරට වේලාවෙන් රාත්‍රී 9:13 ට ආරම්භ වී පසුදා සවස 3:17 ට අවසන් වන අතර, පැය හයකට වැඩි කාලයක් දෘශ්‍යමාන වනවා.

කෙසේ වෙතත්, මෙම සූර්යග්‍රහණය දැකබලාගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමි නොවන අතර, පැසිෆික් සාගරයේ කොටස්, දකුණු චිලී සහ දකුණු ආර්ජන්ටිනාව හරහා දැකගත හැකියි.

source :- https://tinyurl.com/49parvnp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here