ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ සිටින “ක්‍රියාව සඳහා හදවත” යන්නයි.

හදවත නිරෝගීව තබා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමට තීරණාත්මක පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය, හදවත් දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2000 වසරේ සිට ජාත්‍යන්තර වශයෙන් හදවත් දිනය සමරනු ලබනවා.

ලොව පුරා වසරකට මිලියන 17ත් 18ත් අතර සංඛ්‍යාවක් බෝ නොවන රෝගී තත්ත්වයන් නිසා මියයන අතර ඉන් සියයට 34ක්ම හෘද රෝගීන්.

source :- https://tinyurl.com/2ps7d3sb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here