අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල පහත සඳහන් සබැඳිය ඔස්සේ පරීක්ෂා කල හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 දෙනෙකු මුහුණ දී ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු මුහුණ දී තිබෙනවා.

එමෙන්ම, සියලුම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

source :- https://tinyurl.com/5f36c9m3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here