හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක්.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් භාවිත කිරීමට හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අවසර දී ඇති බව වාර්තාවනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසුදින එම නිවාස යළි භාරදිය යුතු වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබාදී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුලු පහසුකම්ද පාර්ලමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වුණා.

source :- https://tinyurl.com/47thsabw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here