දැඩි සුළි කුණාටු අවදානමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කළේ ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලට මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බවයි.

හෙලේන් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් ප්‍රථමයෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනු ඇතැයි ද එරට කාලගුණ වාර්තා සඳහන් කළා.

එමෙන්ම අදාල ප්‍රාන්තවල ඇතැම් පාසල්වලට හෙට සහ අනිද්දා නිවාඩු දින ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/y6nfbfj7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here