
සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනය පසුගිය 23 වනදා යෙදී තිබිණ.
ඊට සමගාමීව මෙරට සෞදි තානාපති කාර්යාලයේ විශේෂ උත්සවයක් පැවැත්විණ.
නව ආණ්ඩුවේ විජිත හේරත් විදේශ අමාත්‍යවරයා ලෙස මෙරට පැවැති සෞදි ජාතික දිනයට සහභාගී වී තිබෙනවා.

එම උත්සවය අමතමින් ඔහු සඳහන් කර සිටියේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තීමත් කිරීමට කැප වෙන බවයි.
එමෙන්ම දෙරට අතර පවතින්නේ ඉතා වැදගත් නොබිදෙන සබඳතාවයක් බවත් ඉදිරියටත් මේ ආකාරයටම දෙරට අතර සබඳතාව පත්වා ගැනීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/55sy8v46








