ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය නජිත් ඉන්දික පත්කර තිබෙනවා.

ආචාර්ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.

පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු සහ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/3m63693m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here