
තියුණු ආයුධයකින් පහරදී නීතීඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු බෙන්තර ගඟට පැන සියදිවි හානිකරගැනීමට තැත් කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන – සන්තානම්පිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටි 35 හැවිරිදි එක්දරු මවක වන මෙම නීතීඥවරිය සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ උදෑසන කාලයේදියි.
ඇය පළමු විවාහයෙන් දික්කසාද වී සිට ඇති අතර, රියදුරා ලෙස කටයුතු කළ සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව, මියගිය කාන්තාව ප්‍රේම සබඳතාව නතර කොට ඔහුව සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඉන් අනතුරුව සැකකරු විසින් මෙම කාන්තාවට විවිධ හිරිහැර සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නඩුවක්ද මේ වනවිට අධිකරණය හමුවේ විභාග වන බව සඳහන්.
source :- https://tinyurl.com/mpkwhbdr







