
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවට ජාතික ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයිද විශ්වාස කරන බවයි එහි සඳහන් වන්නේ.
මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස බවත්, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් එහි සඳහන්.

එමෙන්ම රට තුළ සාමකාමීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ද එහිදී ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
source :- https://tinyurl.com/2m277z23









