ජනාධිපතිවරණයේ බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04 ට එම කටයුතු අවසන් වන විට සියයට 70 ඉක්මවා තිබුණා.

මේ වනවිට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වී ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

එමෙන්ම, ඇතැම් දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ද ආරම්භ වී තිබෙනවා.

ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 මට්ටමේ පැවතුණා.

පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල එම අගය දැක්වුණේ සියයට 78 ක් ලෙසයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සියයට 77 මට්ටමේ පැවති අතර ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 74 ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරුන් ප්‍රකාශ කළේ.

එමෙන්ම, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60 ඉක්මවා ඇති බවද තේරීම්භාර නිළධාරීවරුන් කියා සිටියා.

source :- https://tinyurl.com/yc4wd6a8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here