ජනාධිපතිවරණයට අදාල නිල ඡන්දා පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබෙනවා.

මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අයත් සියළුම ඡන්ද කොට්ඨාසවලින් අදාළ ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් රාත්‍රී 7ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ගණනය කිරීමට නියමිත අතර එම ප්‍රතිඵල නිකුත් කිරීම මධ්‍යම රාත්‍රියට පෙර සිදුකිරීමට නියමිතව තිබෙනවා.

source :- https://tinyurl.com/2ym647x4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here