
ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කර තිබෙනවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සාමකාමීව කටයුතු කර අලුත් ගමනක් යාමට සියලුදෙනා එක් විය යුතු බවයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් සාමයෙන් මිත්‍රශීලීත්වයෙන් එකමුතුභාවයෙන් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බවය.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද පෙරවරුවේදී විරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර සිටියා.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ සයිකෝජි පෙරපාසල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
source :- https://tinyurl.com/2eykznjp








