ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද දායකයින්ට බලපෑම් කරන කණ්ඩායම් හඳුනා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙරට 9 වැනි ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

එමෙන්ම ස්වභාවික ආපදාවක් සිදුවුවහොත් ඒ සඳහාද ක්ෂණිකව කටයුතු කිරීම වෙනුවෙන් නාවික හමුදාව ගුවන් හමුදාව සූදානමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

source :-  https://tinyurl.com/bdckvajj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here