මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 සිට ආරම්භ වන අතර එය පස්වරු 4.00ට අවසන් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් ජාතික හැඳුනුම්පත හෝ වලංගු ලියවිල්ලක් රැගෙන ආ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස් නමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වනවිට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටිනවා.

2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් ගණන මෙවර වාර්තා වනවා.

අද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ක්‍රියාත්මකයි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

source :- https://tinyurl.com/2s4dn6h9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here