ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කර තිබෙන බව හම්බන්තොට තේරීම්භාර නිලධාරී එච්.පී සුමනසේකර සඳහන් කරනවා.

මෙලෙස මැති­ව­රණ රාජ­කා­රි­යෙන් ඉවත් කළ රාජ්‍ය නිල­ධා­රීන්වනුයේ විදු­හ­ල්ප­ති­වරු 7ක්, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යෙක් සහ නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­ර­යෙක්.

තවද හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ රාජ්‍ය නිල­ධා­රීන් 19 දෙනකු සිය තන­තුර අභි­භවා යමින් දේශ­පා­ලන කට­යු­තු­වල නිරත වූ බවට සඳ­හන් කර­මින් පැමි­ණිලි 17ක් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ මැති­ව­රණ ආර­වුල් නිරා­ක­ර­ණය කිරීමේ ස්ථානය වෙත පසුගියදා (18) වන විට වාර්තා වී තිබූ බවයි ඔහු සඳ­හන් කළේ.

ඒ අනුව, 2024 ජාන­ධි­පති මැති­ව­රණ රාජ­කා­රියේ යොදවා සිටි රාජ්‍ය නිල­ධා­රීන් 09 දෙනකු එම රාජ­කා­රි­යෙන් මෙසේ ඉවත් කිරී­මට පිය­වර ගත් බවත්, පැමි­ණිලි ලැබී ඇති අනෙක් රාජ්‍ය නිල­ධා­රීන් 10 දෙනා සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී පිය­වර ගැනී­මට කට­යුතු කර­මින් සිටින බවත්, තේරීම් භාර නිල­ධා­රි­ව­රයා වැඩි­දු­ර­ටත් පවසා තිබෙනවා.

මෙම දස දෙනා අතර, වෛද්‍ය­ව­රුන්, විදු­හ­ල්ප­ති­ව­රුන්, නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­ර­යකු, ගුරු­ව­රුන් සහ සමෘද්ධි කළ­ම­නා­ක­රු­වකු ඇතු­ළත් බව වැඩිදුරටත් සඳහන්.

source :- https://tinyurl.com/52m5jbfh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here