ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු විසින් රෝගියෙකුගේ පවුලේ සාමාජිකයින්ට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වීමට පෙර සෙරෙප්පු ගලවන ලෙස ඉල්ලා සිටීමෙන් අදාළ වෛද්‍යවරයාට පහර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇති CCTV කැමරාවේ සටහන් වූ වීඩියෝවක දැක්වෙන්නේ, ඇඳ මත සිටින කාන්තාව අසල පිරිමින් කිහිප දෙනෙකු සිටගෙන සිටින බවයි.

තත්පර කිහිපයකට පසු, වෛද්‍යවරයා එම කාමරයට ඇතුළු වී ඔවුන්ගෙන් පාවහන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

අදාළ පුද්ගලයන් විසින් වෛද්‍යවරයාට පහර දීමට පෙර ඔවුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට ද වාර්තා සඳහන් කරනවා.

ඇඳ මත වැතිර සිටින රෝගී කාන්තාව සහ කාමරයේ සිටි හෙද කාර්ය මණ්ඩලය ද මෙම ගැටුමට මැදිහත් වී එය සමථයකට පත් කිරීමට උත්සහ කළද ඔවුන්ට ද එහිදී ප්‍රහාරයන් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුව මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම ගැටුමේදී එම කාමරයේ තිබූ ඖෂධ ඇතුළු උපකරණවලට ද හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/yzk4u5tn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here