9 වන විධායක ජනාධිපති තෝරා පත්කරන මැතිවරණය එළැඹෙන 21 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම්.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් 39 දෙනෙක් නාම යෝජනා ලබා දී තිබුනද ඉන් එක් අපේක්ෂකයෙක් හදිසියේ මිය යාම හේතුවෙන් මෙවර ඡන්දයට ඉදිරිපත්වන්නේ 38 දෙනෙක්.

ඡන්දදායකයින් 17,140,354 ක් විසින් නව ජනාධිපතිවරයාව තෝරාපත් කිරීමට මේ වන විට සුදුසුකම් ලබා තිබෙනවා.

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්දදායකයින්ගේ ගණනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වැඩිම ඡන්දදායකයින් පිරිසක් සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රිකයේ මස්කෙලිය ඡන්ද කොට්ඨාශය වනවා.

එහිදී ඡන්ද හිමියන් 347,646 ක් ලියාපදිංචි වී තිබෙනවා.

මේ අතර අඩුම ඡන්දදායකයින් පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ යාපනය දිස්ත්‍රිකයේ කයිට්ස් ඡන්ද කොට්ඨාශය වනවා. එම සංඛ්‍යාව 25,533 ක් වේ.

එමෙන්ම වැඩිම ඡන්දදායකයින් සිටින දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එය 1,881,129 කි. අඩුම ඡන්දදායකයින් 306,081 වශයෙන් සිටින වන්නි දිස්ත්‍රික්කය වනවා.

source :- https://tinyurl.com/bdz5u2wy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here