ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය අතරතුරදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී මේ බව ප්‍රකාශ කර ඇති බව සදහන්.

ඒ අනුව ලබන සතියේදී ඉන්දීයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී තමාව හමුවනු ඇති බවයි අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාර කර ඇත්තේ.

ඉන්දීයානු අග්‍රාමාත්‍යවරයා නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුලුව ඇමතීමට ලබන 21 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

source :- https://tinyurl.com/3r4hap4k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here