
වැලිගම හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර පොලිසිය විසින් තරුණයින් 25ක් අත්අඩංගුව ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේදී සිදු වු බවය.
මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත වැලිගම හෝටලයේ පැවැති සාදය පරික්ෂාවට ලක් කර තිබෙනවා. එම සාදය සඳහා 600 කට ආසන්න පිරිසක් සහභාගී වි තිබෙනවා.

එහිදී පොලිසිය විසින් පරික්ෂා කිරිමේදී ගංජා සන්තයේ තබා සිටි තරුණයින් 09 ක් ද, හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබා සිටි 08 දෙනෙක් සහ මත් පෙති ළග තබා ගෙන සිටි 08 ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියා.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් අප වෙත කියා සිටියා.
source :- https://tinyurl.com/3znm6a7p







