ගාසා තීරයේ සිදුකළ පෝලියෝ එන්නත්කරණ පළමු අදියර යටතේ වයස අවුරුදු 10 ට අඩු ළමයින් 560,000 කට වැඩි පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. පසුගිය 1 වනදා සිට 12 වනදා දක්වා සිදුකළ එම පළමු අදියරයේදී ඉලක්කගත ආවරණයෙන් සියයට 90කට වඩා ළඟා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මෙම දින 12 ක කාලසීමාව තුළදී විටින් විට සටන් විරාම ක්‍රියාත්මක වූ අතර, එහිදී නිවාස, කූඩාරම් සහ කඳවුරුවල සිටින දරුවන්ට සාර්ථකව එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකිරීමට හැකිවූ බවද එම සංවිධානය සඳහන් කළා.

මේ අනුව එහි දෙවන මාත්‍රාව ඉදිරි මාසය තුළ ලබාදීමට නියමිතයි.

source :- https://tinyurl.com/4b2jxx6d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here