
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් රුසියාව සහ යුක්රේනය දෙවන වරටත් සිරකරුවන් 206 දෙනෙකු හුවමාරු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම වාර්තා සඳහන් කර සිටියේ දෙරටේම සිරකරුවන් 103 දෙනෙකු බැගින් මෙලෙස හුවමාරු කර ගෙන ඇති බවය.
නිදහස් කළ රුසියානු සොල්දාදුවන් අගෝස්තු මාසයේදී යුක්‍රේන හමුදා ආක්‍රමණය කළ කර්ස්ක් දේශසීමා ප්‍රදේශයේදී අල්ලාගත් පිරිසක් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා.

මුදා හරින ලද යුක්රේන ජාතිකයන් අතර, සොල්දාදුවන් සහ සිවිල් පුද්ගලයින් 82 ක් සහ නිලධාරීන් 21 ක් සිටින අතර, ඔවුන් යුද්ධය ආරම්භ වූ මුල් කාලයේදී රඳවාගත් පිරිසක් බව සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
source :- t.ly/abU3z








