
වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ජල ගැලීම් නිසා මියගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ විශාල පිරිසක් නායයෑම් සහ ගං වතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර වියට්නාමයේ ඊසානදිග වෙරළ තීරයට පැයට කිලෝමීටර 230 කට අධික වේගයකින් කඩා වැදුණු මෙම සුළිකුණාටුව හේතුවෙන් 820 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

එය මේ වසරේ ආසියාවට බලපෑ ප්රබලතම කුණාටුවයි. එමෙන්ම ලක්ෂ විස්සක පමණ දරුවන් පිරිසකට නිවාස අහිමි වී ඇති අතර පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය සේවා අහිමිවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් ආයතනය නිවේදනය කළේ.
source :- t.ly/79_M-








