කිසිම පළ පුරුද්දක් නැති පිරිසක් බලයට ආවොත් ආයෙත් සැරයක් අර ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ වගේ රටත් විනාශ වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසනවා.

ඡන්ද ටික ඉවර වෙනකොට භාණ්ඩාගාරය හිස් වී රුපියල් නැති වෙන බව ඇය කියා සිටියා.

අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන අස්ථාවරභාවය නිසා කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තිබෙන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තිබෙන අතර ඉදිරියේ දී ඡන්ද තුනක් තියන්න රුපියල් කෝටි 3000 කට වඩා වැය වෙන බව මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අනාවරණ කර සිටියා.

එමෙන්ම මේ රටේ ආර්ථික ගොඩදාන්න පුළුවන් කණ්ඩායමක් අතට බලය ගියේ නැත්තම්, ඡන්ද ඉවර වෙනකොට ආයෙත් රට පෝලිම් යුගයකට වැටෙන බව ඇය අවධාරණය කර සිටියා.

ඒ නිසා රාජ්‍ය පාලනයට හොඳම කණ්ඩායම සිටින සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතු යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවාය.

ජවිපෙ ආවොත් එක පැත්තකින් ඩොලර් නැති වෙන සේම අනික් පැත්තෙන් රුපියල් නැති වී රට බංකොලොත් වෙන බව ඇය කියා සිටියා.

රනිල් උස්සන්න ගිහින් අමාරුවේ නොවැටී දිනන්න පුළුවන් සජිත්ට ඡන්දය දීලා ඉස්සර වෙලාව අපේ කෙනෙක් රාජ්‍ය නායකයා කරගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න වැඩිදුරටත් කියා සිටියා.

source :- t.ly/SR0_O

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here