ආයුෂ්මාන් භාරත් ජාතික රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 සහ ඊට වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙනවා.

මේ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෝටි හයක් සහිත පවුල් කෝටි 4.5කට මෙසේ ප්‍රතිලාභ ලබා දෙන බවයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් මධ්‍යම කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මෙම අනුමැතිය අනුව, වයස අවුරුදු 70 සහ ඊට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නොසලකා අදාළ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

එමෙන්ම සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නව කාඩ්පතක් ද නිකුත් කරනු ලබන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දැනටමත් මේ යටතේ ආවරණය වී ඇති පවුල්වලට අයත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 5ක් දක්වා අමතර ආවරණයක් ලැබෙන බවයි සඳහන් කරන්නේ.

මෙය ලොව විශාලතම මහජන අරමුදල් සපයන සෞඛ්‍ය සහතික යෝජනා ක්‍රමය වන අතර, එය පවුල් කෝටි 12.34ට අනුරූප වන පරිදි මිලියන 55ක ජනතාවකට ද්විතීයික සහ තෘතියික සත්කාර රෝහල්ගත කිරීම සඳහා වසරකට එක් පවුලකට රුපියල් ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් සපයයි.

source :- https://tinyurl.com/yc5enwr3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here