ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

එහිදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබෙන අයුරු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් කාම්බෝජයේ නොන්පෙන් නුවර දී පසුගිය 10 දින පැවැත්විණි.

එහිදී දෙරටම 2-2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4-2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

source :- https://tinyurl.com/4p84hbd6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here