ඇලස්කාවේ Carnival Spirit නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කැබැල්ලක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අවස්ථාව යාත්‍රාවේ සිටි මගීන් බොහෝ දෙනෙක් රූගත කරගෙන ඇති අතර, සමාජ මාධ්‍ය හරහා එය බෙදා ගනිමින් ඔවුන් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව ”ටයිටැනික් මොහොතක්” බවයි.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් නෞකාවේ සිටි කිසිවකුටත් මෙන්ම නෞකාවට ද කිසිදු හානියක් සිදුවී නොමැත.

නෞකාවේ බඳට හානියක් සිදුවී නොමැති බවට එහිදී තීරණය කර ඇති අතර, පසුව මෙහෙයුම් කටයුතු වලට කිසිදු බලපෑමක් නොවීමට වගබලා ගනිමින් යාත්‍රාව දිගටම ධාවනය කර ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

නෞකාව බාධාවකින් තොරව සිය දින හතක ඇලස්කාවේ සංචාරය අවසන් කර, වොෂින්ටනයේ සියැටල් වෙත ආපසු පැමිණ තිබෙනවා.

පසුව මෙම යාත්‍රාව දින 14ක තවත් ඇලස්කා සංචාරයක් ආරම්භ කර ඇති බව සඳහන්.

source :- t.ly/K1h03

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here