යාපනයේ වඩමරච්චි කරණවායී ප්‍රදේශයේදී මියගිය සිය බිරිදගේ ආදාහනය සිදු වෙමින් පවතිද්දී සැමියාගේ ළය පැලී ඊයේ (11) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මුත්තයියා ධර්මලිංගම් නැමති අවුරුදු 54 ක පුද්ගලයෙක්.

ඔහුගේ බිරිද වූ එස්.ආන්නතියාචෙට්ටි නැමැත්තිය කෙටි කලක් අසනීපව සිට මියයාමෙන් පසුව ඇය සම්බන්ධයෙන් වූ ආදාහනය හින්දු පූසාරීවරයෙකු විසින් නිවසේදී සිදු කරමින් සිටියදී ස්වාමියා එක්වරම බිම ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

වහාම ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇතත් එහිදී ඔහු මියගොස් තිබෙනවා.

වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ එම මරණය හදිසියේ වැළදුණු දරුණු හෘදයාබාධයක් හේතුවෙන් සිදුව
ඇති බවයි.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා යනු ලබනවා.

source :- t.ly/0PPNQ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here