රංගන ශිල්පිනියක් සහ  නිරූපිකාවක් වන මලයිකා අරෝරාගේ පියා වන අනිල් අරෝරා අද (11) උදෑසන මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේදී සියදිවි හානිකරගෙන තිබෙනවා.

මුම්බායි පොලිස් නිලධාරීන් පැවසුවේ මෙම සිදුවීම පෙරවරු 10.30 ට පමණ බන්ද්‍රා (බටහිර) හි අයේෂා මනෝර්හිදී සිදු වූ බවයි.

මෙතෙක් කිසිදු සටහනක් සොයා ගැනීමට නොහැකි වූ අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පවසන්නේ.

“මුලින්ම පෙනෙන පරිදි, එය සියදිවි නසාගැනීමක් බව පෙනේ, නමුත් අපි සිද්ධිය සෑම කෝණයකින්ම විමර්ශනය කරන්නෙමු. හදිසි මරණ වාර්තාවක් ගොනු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මකයි, යනුවෙනුයි පොලිසිය පවසා සිටින්නේ.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාභා රෝහල වෙත යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටින්නේ.

source :- https://tinyurl.com/67yate74

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here