මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

ඊට අමතරව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වාත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩිවිය හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

source :- https://tinyurl.com/yeyf7au3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here