
යාපනයේ කොකුවිල් ආදිපාද මාර්ගයේදී ඊයේ (10) ටිපර් රථයක ගැටුණු පාසල් ශිෂ්‍යාවක් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
ඇය පාසල නිම වී පෞද්ගලික උපකාරක පන්තියකට පාපැදියෙන් යමින් සිටියදී ඇයට පිටුපසින් පැමිණි ටිපර් රථයක පාපැදිය ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ මියගොස් ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි විනුතා විජේකුමාරී නැමති ශිෂ්‍යාවක්.

ඇය කොකුවිල් බාලිකා විද්‍යාලයේ අපොස උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොකුවිල් පොලීසිය ටිපර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/4ddhyh4p







