මේ වසරේ ගතවූ කාලය තුළ අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව වෙඩිතැබීමේ සිදුවීම් 218ක් සිදුව ඇතැයි වාර්තා වනවා.

ඉකුත් 4 වැනි දා අමරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ සිදුකළ වෙඩිතැබීමෙන් සිසුන් දෙදෙනකු ඇතුළු 4දෙනෙක් මියගිය බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ගෙවුණු වසර 10ක් තුළ අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව සිදු වූ වෙඩිතැබීම්වලින් 51% ක් සිදුව ඇත්තේ පාසල් වේලාව තුළ බවයි පැවසෙන්නේ.

මේ ආකාරයට එරට ගිනිඅවි භාවිතයෙන් සිදුකරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සීග්‍රයෙන් වර්ධනය වී ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

source :- https://tinyurl.com/yvja9vtb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here