
සතියේ දින තුනකට පමණක් සීමා වී තිබූ ඉන්දියාව හා කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නැව් සේවාව මේ මස 21 වෙනිදා සිට දින හතරක් දක්වා දීර්ඝ කිරීමට ශිවගංගී නැව් සමාගම අද (10) තීරණය කර තිබෙනවා.
මෙම නැව් සේවය, දෙවන අදියරය යටතේ ආරම්හ කිරීමෙන් පසුව මෙතෙක් කල් සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්හි දී පමණක් ක්‍රියාත්මක වූ අතර මේවන විට විශාල මගීන් පිරිසක් ඉන්දියාව හා කන්කාන්තුරේ අතර ගමන් ගන්නා නිසා අතිරේක දිනයක් වශයෙන් සෙනසුරාදා දිනයද නැව් ගමන් වාර සදහා එකතු කර ඇති බවද සඳහන්.
නව සේවාවන් ආරම්භ වීමත් සමගම මේ මස 21 වෙනිදා සිට නැව් ගමනා ගමනයේ කාලසටහනද වෙනස් වී ඇති අතර නාගපට්ටිනම් සිට පෙරවරු 8:00 ට ගමන් අරඹන නැව යළි කන්කසන්තුරේ සිට සිට පස්වරු 2:00 ට පිටත් වන බව ශිවගංගී නැව් සමාගම පවසනවා.

source :- https://tinyurl.com/3u7zd2p7







