හැරී කුමරුට සහ ඔහුගේ බිරිඳවන මේගන් මාර්කල්ට ඔහුගේ නැසීගිය මව වන ඩයනා කුමරිය ළමා කාලයේ සිටි නිවසවන ඇල්තෝර්ප් හවුස් හි නත්තල් කාලය ගත කිරීමට ආරාධනාවක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ආරාධනාව ඔවුන්ට සිදු කර ඇත්තේ, හැරීගේ මාමාවන චාල්ස් ස්පෙන්සර් විසින්.

2018 වසරේ සිට මෙම යුවළ එක්සත් රාජධානියේ දී කිසිඳු උත්සවයක් සමරා නොමැති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

ඔවුන් මෙසේ එක්සත් රාජධානියට යාමට තීරණය කළහොත්, එම ගමන 2022 වසරේ දී දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු මේගන් එරටට යන ප්‍රථම අවස්ථාවයි.

කෙසේ වෙතත්, නත්තල් උත්සවය සැමරීම සඳහා මෙම යුවළට තවමත් රාජකීය පවුලෙන් ආරාධනාවක් ලැබී නොමැති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

source :- t.ly/m1S8a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here