විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරනු ලැබුවා.

ඒ, අනුව එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

source :- t.ly/XqSCV

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here