මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ දී ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළියක් පවත්වා තිබෙනවා.

එම ජන රැළියට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව ඇත.

එහිදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සන්දිවේල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ජන රැළිය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට සුළු වේලාවකට පෙර සිදුකළ සෝදිසියක දී සැකකරුගේ පසුම්බිය තුළ තිබී ජීව උණ්ඩය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

මීට අවුරුදු තුනකට පෙර මාර්ගයක තිබී සොයාගත් ජීව උණ්ඩය තමා පසුම්බියේ තබාගෙන සිටි බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සන්දිවේල් පොලීසිය මගින් සිදුකරයි.

source :- t.ly/aVQZo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here