ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව ගොස් ඇති අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

source :- https://tinyurl.com/2ppkur7u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here