වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

නිදහස් ක්‍රිස්තියානි දේවස්ථාන සඳහා ජාතික සම්බන්ධීකාරක ආචාර්ය කර්බී ද ලැනරෝල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිසුන් 160 දෙනෙකුට පදවි හා උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි

වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බවත්, සෑමවිටම ආගම පාලනයෙන් වෙන්ව තබා ගනිමින් සියලු ආගමිකයන්ට සම අවස්ථා ලබාදීම තම අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ සියලු ආගමික ප්‍රජාවන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඩිජිටල් සහ තාක්‍ෂණික යුගයේ ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒ තුළ ඇති අවස්ථාවන් පිළිබඳව ද පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතින් සුරක්ෂිත කිරීමේ රජයේ කැපවීම සිටින බව ඔහු කියා සිටියා.

එමෙන්ම රට හමුවේ ඇති වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මඟපෙන්විම සහතික කිරීම වෙනුවෙන් සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

source :-  t.ly/5_1dC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here