
උතුරු කොරියාව තවත් කසළ පිරවූ බැලූන් සිය ගණනක් තම රටට පාකර එවා ඇති බව ඇති බව දකුණු කොරියාව පවසනවා.
උතුරු කොරියාව ඊයේ දියත් කළ බැලූන 190 ත් සමඟින් පසුගිය දින තුන තුළ පමණක් කසළ බැලූන් 900 කට වැඩි ප්‍රමාණයක් දකුණු කොරියාවට පා කර එවා තිබුණා.
ඒ අනුව උතුරු කොරියාව මැයි මාසයේ සිට කඩදාසි සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරවූ බැලූන් 5000 කට ආසන්න ප්‍රමාණයක් දකුණට යවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

source :- https://shorturl.at/cLmDA








