
දෙවන වරටත් තමන් ජයග්රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්රධානියා ලෙස ඉලොන් මස්ක් පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා.
මැතිවරණ ප්රචාරක රැලියකදී තම ආර්ථික දැක්ම ඉදිරිපත් කරන අතරතුරදියි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
තමා නැවත පත්වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික පුනරුදයක් ඇති කරන බව ද ඔහු ප්රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඉලොන් මස්ක්ගේ කොමිසම මගින් සමස්ත ෆෙඩරල් රජයම විගණනය කරන අතර දැඩි ප්රතිසංස්කරණ යෝජනා කරන බවටද හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊට ප්රතිචාර දක්වමින් ඉලොන් මස්ක් ප්රකාශ කර ඇත්තේ අවස්ථාවක් ලැබෙන්නේ නම් තමන් අමෙරිකාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම් බවයි.
source :- t.ly/KGqrQ








