පැමිණිල්ලක් සිදුකිරීමට සිය මව සමඟ පැමිණි අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කළ පොලිස් සැරයන්වරයෙකුට වසර 45ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී එම සිර දඬුවම වසර 15 කින් එකවර ගෙවී යන ලෙසයි නියම කරනු ලැබුවේ.

තමන්ට අත්හිටවූ සිර දඬුවම් නියම කරන ලෙස විත්තිකරු විත්ති කූඩුවේ සිට හඬාවැටෙමින් අධිකරණයෙන් ඉල්ලා සිටියද, තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණි අයෙකුට සිදුකර ඇත්තේ බරපතල වරදක් බැවින් මහාධිකරණ විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කර තිබුණා.

27 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකු වූ මෙම පොලිස් නිලධාරියා දැරිය අපයෝජනය කිරීමෙන් පසු, මගහැරීම හේතුවෙන් ඇය සියදිවි නසාගැනීමටද උත්සහ දරා ඇති බව රජයේ අධිනීතීඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.

source :- https://shorturl.at/J6kZj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here