අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ  තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.

එහිදී බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වන මැණික් විජේවර්ධන මාසයකට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වන විට නිවසට ගොස් තිබෙනවා.

මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණේ පසුගිය 08 වැනිදායි.

එහි දී ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගියා.

එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බව සඳහන්.

එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.

source :- https://shorturl.at/jsFaa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here